*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

තනතුරු බෙදාගන්නවා ඇරෙන්න වෙන වැඩක් මේ ආණ්ඩුවට නැහැ – කිරිඇල්ල (VIDEO)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට පෙර එම වැඩපිළිවෙල කුමක්ද යන්න අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය බදාදා දිනය වන විට එම වැඩපිළිවෙල ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පවසා තිබුනද තවමත් ඉටු වී නැති බවයි මන්ත්‍රීවරයා සනහන් කරන්නේ.

තනතුරු බෙදා ගැනීම හැර වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයට සැලැස්මක් නැති බව හෙතෙම කියා සිටියි.

වැඩපිළිවෙල දෙස බලා එහිදී සහය දීමට හැකි කාරණා වලදී ඒ ගැන සාධනීය ලෙස සැලකිල්ල දැක්විය හැකි බවයි කිරිඇල්ල මහතා කියා සිටින්නේ.

ජනාධිපතිවරයා සිය රාජාසන කතාවේ පැවසූ පරිදි රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය වැඩපිළිවෙල ආපස්සට හරවන බව පැවසුවද එය තවමත් පෙනෙන්නට නැති අතර වසර තුනක පමණ කාලයක් විපක්ෂය ලෙස සටන් කළේ එය සිදුකර ගැනීමට බවා කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan