චීන නෞකා අර්බුදයට ඇමරිකාවත් ඈඳෙයි

චීනයේ යුවාන් වෑන්ග් 5 නෞකාවේ ශ්‍රී ලංකා ගමන මේ වනවිට ශ්‍රී ලංකා – චීන – ඉන්දියා – ඇමරිකා අර්බුදයක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. අදාන නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණීම වැළැක්වීම සඳහා ඇමරිකාවද මැදිහත්ව සිටින බවයි.

මෙම සිදුවීම හරහා ශ්‍රී ලංකාව චීනයට විශේෂ සැළකීමක් සිදු කරන බවට ඉන්දියාව චෝදනා කළ අතර ඇමරිකාවේ අදහසද එයම යැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා. වොෂින්ටන් පෝස්ට් වැඩිදුරටත් වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති චීන ණය ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් එවැනි විශේෂ සැළකිලි බලාපොරොත්තු වන බවයි.

මෙම නෞකාව ඊයේ දිනයේදී හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතව තිබූ නමුත් මතු වූ අර්බුදකාරී තත්වය හමුවේ එම ගමන ප්‍රමාද කිරීමට චීන බළධාරීන් කටයුතු කර තිබේ. මේ වනවිට නෞකාව ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් නාවික සැතපුම් 600 ක් දුරින් රැඳී සිටින බව වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....