සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධුරයකට සූදානම් – කුමාර වෙල්ගම

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සම්බන්ධවීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. රට මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා වඩාත් සුදුසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවත්, සියලුදෙනාම එකට එක් වී අර්බුදවලට විසඳුම් සෙවීම වඩාත් ප්‍රායෝගික බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ ඇමති ධුරයක් බාර ගැනීමට සූදානම් බවයි අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙල්ගම මහතා සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...