තරුපටි ගැලවුණු බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇන්ඩෲ කුමරු අත්අඩංගුවට

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් රජුගේ බාල සහෝදරයා සහ අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන 65 හැවිරිදි ඇන්ඩෲ කුමරු හෙවත් මවුන්ට්බැටන්-වින්ඩ්සර් අද(19) දිනයේදී තේම්ස් නිම්න පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා අපකීර්තියට පත් කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු හා මූල්‍ය වංචාකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් පිළිබඳ එක්සත් ජනපද විමර්ශනයකට අදාළ පිටු මිලියන ගණනක ලේඛන නිකුත් කිරීමෙන් පසුව මවුන්ට්බැටන්-වින්ඩ්සර් රාජ්‍ය කාර්යාලයේ විෂමාචාර හැසිරීමක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව මේවන විට චෝදනා කිහිපයක් විමර්ශනය වෙමින් පවතියි.

මෙහිදී පොලිසිය විසින් ඇන්ඩෲ කුමරු සමඟ ලිංගික සම්බන්ධයක් පැවැත්වීම සඳහා එප්ස්ටයින් විසින් කාන්තාවක් එක්සත් රාජධානියට ප්‍රවාහනය කළ බවට එල්ල වන චෝදනා මෙන්ම එක්සත් රාජධානියේ වෙළඳ නියෝජිතයා ලෙස සේවය කරමින් සිටියදී අපකීර්තියට පත් මූල්‍යකරු සමඟ සංවේදී තොරතුරු බෙදා ගත් බවටද කරුණු සමාලෝචනය කරමින් සිටියි.

ජෙෆ්රි එප්ස්ටයින්ට සම්බන්ධ ලිපිගොනුවල තම නාමය සඳහන් වීමත් සමඟ පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ඇන්ඩෲ කුමරුගේ රාජකීය පදවි නාම ඉවත් කිරීමෙන් අනතුරුව වින්ඩ්සර් හි රාජකීය නිවසින් පිටව ගිය අතර මෙම කිසිදු කරුණක් සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...