සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් රජුගේ බාල සහෝදරයා සහ අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන 65 හැවිරිදි ඇන්ඩෲ කුමරු හෙවත් මවුන්ට්බැටන්-වින්ඩ්සර් අද(19) දිනයේදී තේම්ස් නිම්න පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා අපකීර්තියට පත් කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු හා මූල්‍ය වංචාකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් පිළිබඳ එක්සත් ජනපද විමර්ශනයකට අදාළ පිටු මිලියන ගණනක ලේඛන නිකුත් කිරීමෙන් පසුව මවුන්ට්බැටන්-වින්ඩ්සර් රාජ්‍ය කාර්යාලයේ විෂමාචාර හැසිරීමක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව මේවන විට චෝදනා කිහිපයක් විමර්ශනය වෙමින් පවතියි.
මෙහිදී පොලිසිය විසින් ඇන්ඩෲ කුමරු සමඟ ලිංගික සම්බන්ධයක් පැවැත්වීම සඳහා එප්ස්ටයින් විසින් කාන්තාවක් එක්සත් රාජධානියට ප්‍රවාහනය කළ බවට එල්ල වන චෝදනා මෙන්ම එක්සත් රාජධානියේ වෙළඳ නියෝජිතයා ලෙස සේවය කරමින් සිටියදී අපකීර්තියට පත් මූල්‍යකරු සමඟ සංවේදී තොරතුරු බෙදා ගත් බවටද කරුණු සමාලෝචනය කරමින් සිටියි.
ජෙෆ්රි එප්ස්ටයින්ට සම්බන්ධ ලිපිගොනුවල තම නාමය සඳහන් වීමත් සමඟ පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ඇන්ඩෲ කුමරුගේ රාජකීය පදවි නාම ඉවත් කිරීමෙන් අනතුරුව වින්ඩ්සර් හි රාජකීය නිවසින් පිටව ගිය අතර මෙම කිසිදු කරුණක් සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.

