Home විදෙස් ජනාධිපති ට්‍රම්ප් ඉන්දුනීසියාව සඳහා වන තීරුබදු 19% දක්වා අඩු කරයි

ජනාධිපති ට්‍රම්ප් ඉන්දුනීසියාව සඳහා වන තීරුබදු 19% දක්වා අඩු කරයි

0
5

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඉන්දුනීසියාව වෙනුවෙන් ආනයනික තීරුබදු 32% සිට 19% දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනාධිපති රබෝවෝ සුබියන්ටෝ ඊයේ(19)දිනයේදී ඇමරිකාව සමඟ අත්සන් කරන ලද ගිවිසුමට අනුව මේබව නිවේදනය කර ඇත.

ඒ වෙනුවෙන් ඉන්දුනීසියාව ඇමරිකානු කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, මුහුදු ආහාර, තාක්‍ෂණය සහ මෝටර් රථ ආශ්‍රිත භාණ්ඩ ඇතුළුව ඇමරිකානු ආනයනවලින් 99% කට වඩා වැඩි ප්‍රමාණයක වෙළඳ බාධක ඉවත් කරනු ඇත.