ජනාධිපති හා ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

AI Impact 2026 සමුළුව සඳහා ආරාධනා කිරීම පිළිබඳ එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළකිරිමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය අගය කරමින්, ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව ද පළකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මේ අතර AI Impact 2026 සමුළුවට සහභාගී වන අතරතුර ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සමඟ ද ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්ව තිබුණි.

භූතානයේ අගමැති Tshering Tobgay, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීලයේ ජනාධිපති Lula da Silva යන රාජ්‍ය නායකයින් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ජා පවත්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...