තවත් දින 5ක් විදුලි බිඳවැටීම්. රාත්‍රී ආහාරය 6ට කලින් උයාගන්නැයි ජනතාවගෙන් ඉල්ලයි !

0
550

පවතින විදුලි අර්බුදය හේතුවෙන් රාත්‍රී ආහාර වේල සවස 6.00ට පෙර පිළියෙල කරගන්නැයි විදුලිබල මණ්ඩලය විදුලි උඳුන් භාවිතා කරන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

එසේ කිරීමෙන් විදුලි බිඳවැටීම් අවම කරගත හැකි බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර්. රණතුංග මහතා පවසන්නේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාව සමග සංවාදයකට එක්වෙමිනි.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල විටින් විට විදුලිය විසන්ධි වීමේ තත්වය තවත් දින පහකට අධික කාලයක් පවතිනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here