බෝනස් ප්‍රශ්නයක් – විදුලිබල මණ්ඩලයෙන් මහජන උපයෝගීතා කොමිසමට චෝදනා …

Date:

මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණු බව විදුලි ගාස්තු සංශෝධනය ගැටලු සහගත බවට විදුලිබල මණ්ඩලය චෝදනා කරයි.

ඒ අනුව විදුලි ගාස්තුව 75%කින් ඉහළ නංවා ඇතත් විදුලිබල මණ්ඩලය වාර්ෂිකව තවදුරටත් රුපියල් බිලියන 45ක පමණ අලාභයක් ලබනු ඇති බවයි එම මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය සහ නියාමන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිහාල් වීරරත්න මහතා පවසන්නේ.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වාර්ෂික වරප්‍රසාද සහ දීමනා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ විදුලිබල මණ්ඩලයටම මිස මහජන උපයෝගීතා කොමිසමට නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

නව ගාස්තු ක්‍රමවේදයේ පවතින ගැටලු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරියේදී ලිඛිතවම දැනුම් දෙන බවත් නිහාල් වීරරත්න මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් පවසා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...