න්‍යෂ්ටික සාකච්ඡාවලදී ඉරානය ඇමරිකානු පීඩනයට හිස නැමෙන්නේ නැති බව Pezeshkian  පවසයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන මිලිටරි තර්ජන හමුවේ වුවද, ඉරානය කිසිසේත් තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇමරිකාවට යටත් නොවන බව ඉරාන ජනාධිපති  Masoud Pezeshkian ප්‍රකාශ කර ඇත.

කලාපය තුළ ඇමරිකානු නාවික සහ ගුවන් බලය දැඩි ලෙස තර කර ඇති පසුබිමක, සීමිත ප්‍රහාර එල්ල කරන බවට වන අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම අර්බුදය උත්සන්න වී තිබේ.

දෙරට අතර වක්‍ර සාකච්ඡා මාලාවක් සිදුවුවද, මෙතෙක් ස්ථිර එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වයම සමත්ව නැත.

ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් තවමත් ළඟා කර ගත හැකි බව වුවත්, ඇමරිකාවේ දැඩි බලපෑම් හමුවේ ඉරාන රජය සිය ස්ථාවරය වෙනස් නොකරන බව අවධාරණය කරයි.

මේ හේතුවෙන් කලාපීය යුධමය තත්ත්වයක් ඇති වේ යැයි බියෙන් විදේශිකයන් ඉරානයෙන් ඉවත් වීමටද පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වයි.

මෙමගින් මූලිකවම අවධාරණය කෙරෙන්නේ ඉරාන-ඇමරිකානු සබඳතාවල පවතින දැඩි නොසන්සුන්කාරී ස්වභාවයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...