තවත් ගෑස් නැවක් දිවයිනට!

0
5

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ පවතින ගෑස් හිඟය අවසන් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් ලෙස අද (22) දිනයේද ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.

එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිත බව, ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට ළඟාවීමට නියමිතව ඇති බව සඳහන් කළේය.

වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ ලබන මස මැද භාගය වන විට ගෑස් බෙදාහැරීම ඉහළ නංවන බව වුවද, වෙළඳුන් පවසන්නේ සැපයුම ලැබෙන නිශ්චිත දිනයක් පිළිබඳව තමන් නිසි ලෙස දැනුවත් කර නොමැති බවයි.