Home විදෙස් සිය ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගන් දේශසීමාවේ සටන්කරුවන් 70ක් මිය ගිය බව පාකිස්ථානය...

සිය ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගන් දේශසීමාවේ සටන්කරුවන් 70ක් මිය ගිය බව පාකිස්ථානය කියයි

0
4

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්ථානය විසින් එල්ල කරන ලද ගුවන්ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගන් දේශසීමාවේ සටන්කරුවන් 70 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කර තිබේ.

පාකිස්ථානයේ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය තලාල් චෞද්‍රි ඊයේ(22)දිනයේදී සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කළ අතර පසුගියදා ඉස්ලාමාබාද් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියක මාරාන්තික මරාගෙන් මැරෙන ප්‍රහාර පිටුපස මරාගෙන මැරෙන ප්‍රහාර පිටුපස සිටින පකිස්ථාන පාකිස්ථා කණ්ඩායමට අනුබද්ධිත කණ්ඩායම් වලට එරෙහිව මෙම මෙහෙයුම දියත්කර ඇත.

කෙසේ නමුත්, මෙම ප්‍රහාර මාලාව ඇෆ්ගනිස්ථානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රහාර වලට විරෝධය දැක්වීම සඳහා ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය කාබුල්හි පාකිස්ථාන තානාපතිවරයා කැඳවා තිබේ.