නොරොච්චෝලේ Real Time Data අනුව 9 වැනි ගල් අගුරු නැවත් බාලයි – විපක්ෂ නායක

කොළඹ LNW:මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු නැව් 8ම බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මොහොතක 9 වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) හෝමාගම ශ්‍රී කල්‍යාණධර්ම අභිනවාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් එක්කරමිනි.

බලගාරයේ දහන වාර්තා සහ විදුලි ඒකකයක් නිපදවීම සඳහා කිලෝවොට් පැයකට අවශ්‍ය ගල් අගුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණයත් නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 නිපදවන වාර්තා අනුව මෙගාවොට් 300 පළමු සහ තෙවැනි ඒකකයේ වාර්තා අනුව දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැවත් බාල බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පළමු ඒකකයේ මෙගාවොට් 250ත් තුන්වැනි ඒකකයේ මෙගාවොට් 275ක් නිපදවා ඇති බවත් මෙය මෙගාවොට් 300 විය යුතු බවත් දෙවැනි ඒකකයේ නිවැරදිව මෙගාවොට් 300 නිපදවා ඇති බවත් එයට හේතුව ඒ ගල් අගුරු රුසියාවෙන් ගෙන්වූ උසස් තත්ත්වයෙන් යුත් ගල් අගුරු නිසා බවත් හෙතෙම සඳහන් කරන ලදී.

මේ රජය නැව් 25-27 අතර ප්‍රමාණයක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති නමුත් මේ ගල් අගුරු තත්ත්වයෙන් බාල බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු වී ඇති බවත් මේ තත්කාලීන වාර්තා අනුව ගල් අගුරු තුළින් බරපතල දුෂණයක් කර ඇති බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

මහා සංඝරත්නයට වනචාරීන් ලෙස අපහාස කරන මේ රජය වනචාරීන්ටත් එහා ගොස් ගල් අගුරුවලින් සිදු කරන දූෂණය සහ වංචාව තුළ සිදු වන්නේ බරපතල හානියක් බවත් ඔහු තවදුරටත් කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...