ජනපති මුල්ගල් තැබූ යාපනේ ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් වහාම නවත්වන්නැයි පරිසර අධිකාරියෙන් නියෝගයක්

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගෙන නොමැති වීම හේතුවෙනි.

යාපනයේ ඉදිවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිසර බලපෑම් අගැයීම් ලබා දී, ඊට අනුමැතිය ලබා දෙන තෙක් දැනට ආරම්භ කර ඇති වැඩකටයුතු නවතා දමන ලෙස දැනුම් දුන් බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ 2025 සැප්තැම්බර් 01 වනදා ය. එදින ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මෙම ක්‍රීඩාංගණයේ පළමු ක්‍රිකට් තරගය 2025 වසර අවසන් වීමට පෙර පැවැත්වීමටත් එහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වසර 3ක් ඇතුළත පැවැත්වීමට හැකිවනු ඇති බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...