යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ.
ඒ එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගෙන නොමැති වීම හේතුවෙනි.
යාපනයේ ඉදිවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිසර බලපෑම් අගැයීම් ලබා දී, ඊට අනුමැතිය ලබා දෙන තෙක් දැනට ආරම්භ කර ඇති වැඩකටයුතු නවතා දමන ලෙස දැනුම් දුන් බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ 2025 සැප්තැම්බර් 01 වනදා ය. එදින ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මෙම ක්‍රීඩාංගණයේ පළමු ක්‍රිකට් තරගය 2025 වසර අවසන් වීමට පෙර පැවැත්වීමටත් එහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වසර 3ක් ඇතුළත පැවැත්වීමට හැකිවනු ඇති බවකි.




