අතුරුදහන් වාර්තාවේ පළමු තැන “ඉන්න හිතෙන රටට”

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ අතරුදහන් ක්‍රීඩකයන් සහ නියෝජතියන් වැඩිම ප්‍රමාණයක් අතුරුදහන් විමේ වාර්තාව ශ්‍රී ලංකාවට හිමිවන බව මේ වන විට බර්මින්හැම් හී සිට ලැබෙන පොලිස් වාර්තාවන් මඟින් සනාත වී තිබේ.මේ වන විට ක්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් පහකින් ක්‍රීඩකයින් 13 දෙනෙක් සහ නියෝජතියන් සිව් දෙනෙක් අතුරුදහන් වී ඇත.මෙහි ක්‍රීඩකයින් නව දෙනෙක් සහ නියෝජතියින් තිදෙනෙක් ශ්‍රී ලංකාවේ වන අතර දෙඅංශයෙන්ම වැඩිම අතුරුදහන්විම් ප්‍රමාණය ද ඒ නිසා ශ්‍රී ලංකාවට හිමිව ඇත.
එම පොලිස් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ දුසිමක ප්‍රමාණයෙන් මේ වන විට ඉන් හත් දෙනෙකුම සිටින ස්ථාන හඳුනාගෙන ඇත.සමස්ත අතුරුදහන් ප්‍රමාණයෙන් තවමත් අට දෙනෙක් සොයා ගෙන නැති අතර එම අට දෙනාගෙන් පස් දෙනෙක්ම ශ්‍රී ලාංකිකයෝ වෙති.මාධ්‍යකරුවෙක්,කළමණාකරුවෙක් සහ මල්ලව පොර ක්‍රීඩාවට සම්බන්ධ නමුත් මල්ලව පොර කණ්ඩායමට ඇතුළත්ව සංචාරයට එක් නොවූ අයෙක් ශ්‍රී ලංකාවේ අතුරුදහන් නියෝජිත ගොන්නට වැටෙන අතර අනෙක් නියෝජිතයා ඝානාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූ නියෝජිතයෙක්ය.
ඉකුත් 2018 තරගාවලියේදී අප්‍රිකානු රටවල්වලින් වැඩි පිරිසක් අතුරුදහන්ව සිටි අතර මෙවර එය දකුණු ආසියාවට හිමි වෙමින් පකිස්තානයේ දෙදෙනෙක්ද සමඟ අතුරුදහන් වූ දකුණු ආසියාතිකයන් ප්‍රමාණය 14 කි.මෙම අතුරුදහන් වූ සාමාජිකයන් සිටින කණ්ඩායම් සම්බන්ධයෙන් සැළකිල්ල යොමු කරද්දී වැඩිම පිරිසක් සහභාගි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන්ය.නමුත් එම රටවල් අතර පදක්කම් සටහන නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවට පහළින් ඇත්තේ බොට්ස්වානා පමණි.ඔවුන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ලබමින් 33 වන තැන සිටියි.
පකිස්තානය පදක්කම් සටහනේ 18 වන තැන සිටින්නේ රන් 2,රිදී 3 සහ ලෝකඩ 3 ක් දිනා ගනිමින්ය.කැමරුන් රන් රිදී සහ ලෝකඩ එක් පදක්කම බැඟින් දිනා 20 වන තැන සිටින අතර 28 වන තැන සිටින ඝානාව රිදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගෙන ඇත.ශ්‍රී ලංකාව 31 වන තැන පසුවෙයි.එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් ඔවුන් දිනා ගත්තේය.
මීට තෙවසරකට පමණ පෙර ශ්‍රී ලාංකේය ජනතාව සිය දේශපාලන තීන්දුව අර ගත්තේ “ඉන්න හිතෙන රටක්” නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන්ය.නමුත් වසර තුනකට පසුව බොහෝ කාලයකට පසුව විදෙස් සංචාරයකදි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයින් සහ නියෝජිතයින් පළායාමක් වාර්තා වි ඇති අතර එය රටකින් අතුරුදහන් වූ වැඩිම පිරිස බවට පත්ව ඇත.
RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...