රුසියාවේ මොස්කව්හි පිපිරීමක්; එක් අයෙකු ජිවිතක්ෂයට

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
අද(24)අලුයම රුසියාවේ මධ්‍යම මොස්කව්හි සැවියොලොව්ස්කි දුම්රිය ස්ථාන චතුරශ්‍රයේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව දෙදෙනෙකුට තුවාල සිදු වූ බව රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පුපුරන ද්‍රව්‍ය රැගෙන එන ලද ප්‍රහාරකයා එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුපුරණ ද්‍රව්‍ය හෝ ප්‍රහාරකයාගේ අරමුණ පිළිබඳව බලධාරීන් ක්ෂණික තොරතුරු ලබා දී නොමැත.

යුක්රේනයට එරෙහිව මොස්කව්හි සිව් අවුරුදු යුද්ධයේදී රුසියානු භූමියේ රුසියානු හමුදා නිලධාරීන් ඝාතනය කිරීමේ මාලාවක් මේවන විට වාර්තා වී ඇති අතර මෙම මස මුලදී, රුසියාවේ ඉහළ පෙළේ රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට කිහිප වතාවක් වෙඩි තබා තිබුණි.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව යුක්රේනයට චෝදනා කර ඇතිමුත්, යුක්රේනය සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :1 අහුන්ගල්ලේ සිදුවූ වෙඩි...

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : බෝගම්බර බන්ධනාගාරය වෙත...

කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මුතුරාජවෙල සිට කටුනායක...