නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීමක් සිදුව ඇති බව වාර්තා වේ.
අදාළ දෝෂය හඳුනාගැනීම සඳහා මේ වනවිට තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.
නොරොච්චෝලේ බලාගාරයෙහි දෙවැනි අදියරේ ජනන යන්ත්‍රය මේ වනවිට නඩත්තු කටයුත්තක් සඳහා නවතා දමා ඇති අතර අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන්නේ තුන්වැනි අදියර පමණි.
කෙසේවෙතත් නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීම යළි සකස් කරන තුරු යුගදනවි ඇතුළු අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් විදුලි සැපයුම කළමනාකරණය කරගන්නා බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
RN