Home පුවත් ක්‍රී​ඩා කොදෙව් කාන්තා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට – තරගාවලියේ වීරවරිය හර්ෂිතා

කොදෙව් කාන්තා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට – තරගාවලියේ වීරවරිය හර්ෂිතා

0
5

නිශ්මං රණසිංහ පෙබරවාරි 26, කොළඹ LNW:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට 2-1 ක ජයක් ලැබෙමින් නිමාවට පත් වුණා.තරගාවලියේ දී අර්ධ ශතක දෙකක්ද සමඟ ලකුණු 171 ක් රැස් කළ හර්ෂිතා සමරවික්‍රම තරගාවලියේ වීරවිරිය ලෙස නම් කරන්නට යෙදුණා.
ශ්‍රී ලංකාව තෙවන තරගයට පිවිසියේ තරග 2-0 ක් ලෙස ඉදිරියෙන් සිට වුව ද,අවසාන තරගයේදී කඩුලු 6 ක පරාජයක් ලබන්නට සිඳු වුණා.ඒ සඳහා පෙරමුණ ගත්තේ හේලි මැතිව්ස්ගේ තුන් ඉරියව් දස්කම් වන අතර ඇය නායිකාවක ලෙස කොදෙව් ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් ශතකය ඒ අතරින් ජයග්‍රහණයේ හේතු පාඨය වුණා.ඇය ආරම්භක පිතිකාරිණිය ලෙස කොදෙව් ඉණිම ලකුණු 169 වන තුරු පිටියේ රැදී සිටියා.පන්දු 119 න් හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමඟ මැතිව්ස් රැස් කළ ලකුණු 100 ඉණිම නිමා වුණේ 37 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී යි.ඒ වන විට පන්දු ඕවර් 13 දී ලකුණු 48 ක් දක්වා ජයග්‍රහණයට අවශ්‍යය ඉලක්කය පහසු වී තිබුණා.


කොදෙව් ඉණිම ලකුණු 12 දී කඩුලු 2ක් අහිමිව තිබියදී වගකීම දෙ‘උර මත තබා ගත් හේලි මැතිව්ස්,ස්ටෙෆ්නි ටේලර්ගේ සහය ගෙන තෙවන කඩුල්ලට ලකුණු 124 ක සබඳතාවයක් ඇති කිරිම තරගය කොදෙව් කණ්ඩායම වෙත හරවා ගනු ලැබූ අවස්ථාව වූ අතර එහිදී එම ලකුණු 124 න් ටේලර්ට හිමි වුණේ ලකුණු 38 ක් පමණක් වීම තුළ මැතිව්ස්ගේ ඉණිමේ ආක්‍රමණික ස්වභාවය මෙන්ම ඇයට ටේලර් ලබා දුන් සහය ගැන ද පරිමාව කියවෙනවා.මැතිව්ස් ලකුණු 70 ක් ලබා සිටියදී අතිරේක පන්දු යවන්නියක ලෙස කැඳවන නිලක්ෂිකා ඉදිරියේ පෙරළා ඇයටම ලබා දෙන දුෂ්කර උඩ පන්දුව රැක ගත්තානම් තරගයේ සමස්ත තීරණය වෙනස් වෙන්නට තිබුණා හැරෙන්නට හේලි දියත් කළ ඉණිම සෑම අතින්ම ජයග්‍රහණයට සුදුසු ඉණිමක් වුණා.
කාසියේ වාසිය ගෙන පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබාම චමරි දැවී යෑම විශාල පීඩනයක් ගෙන දුන්නත් හර්ෂිතා සහ හසිනි එක්ව එතැන් සිට ලකුණු 43 ක සබඳතාවයක් පවත්වාගෙන යනවා. හසිනි ලකුණු 27 ට දැවී ගිය පසු ලකුණු 44 ට කඩුලු 2 ක් දැවී තිබියදී හර්ෂිතා සමඟ එක්වන විශ්මි ගුණරත්න ලකුණු 26 ක් රැස් කරනු ලබනවා.ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සබඳතාවයක් ඇති කරන්නට සමත් වෙනවා.එතැන් සිට විශාල සබඳතාවයකට ඉඩ නොලැබෙන නමුත් කවීහා දිල්හාරි නොදැවී ලකුණු 45 ක් රැස් කරමින් 50 වන ඕවරය නිමා වන විට කඩුලු 7 ට ශ්‍රී ලංකා ඉණිම ලකුණු 217 දක්වා ගෙන ඒමට සමත් වෙනවා.හර්ෂිතා මෙම ඉණිමේ බර ඇදපු ක්‍රීඩිකාව ලෙස රැස් කළ ලකුණු 70 වටිනා එකක් වූ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට අදට වඩා හෙට වටිනාකම් එකතු කළ හැකි දෙව්මි විහංගා මේ තරගයේදී දැවී ගිය ආකාරය ගැන ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.දුවද්දී දැවී යන ඇයගේ ශාරිරික යෝග්‍යතාවය ක්‍රිකට් පරිපාලනයේ අධික්ෂණය ඇතුව කළමණාකරණය කළ හැකිනම් දෙව්මි යනු බොහෝ විට චමරිගේ තැනට සුදුසුම තුන් ඉරියව් ක්‍රීඩිකාවයි.


තරගයේ ලකුණු දත්ත සටහනට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/47aqDKS