Home පුවත් මල් ශාලාවකින් මතු වූ මත්කුඩු!

මල් ශාලාවකින් මතු වූ මත්කුඩු!

0
5

රෂිකා හෙන්නායක පෙබරවාරි 26, කොළඹ LNW :

පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල් ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් පානදුර උතුර පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙහිදී අදාළ ව්‍යාපාරයේ හිමිකරු වන 39 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 69 හැවිරිදි මව පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21ක් සොයාගත් බව වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇත.