Home පුවත් ක්‍රී​ඩා නිද්‍රාවේ වෙළුණු අධ්‍යාපන බලධාරීන්ට නොපෙණුන චනිත්මාට ජාතික ඇගයීමක්

නිද්‍රාවේ වෙළුණු අධ්‍යාපන බලධාරීන්ට නොපෙණුන චනිත්මාට ජාතික ඇගයීමක්

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 26, කොළඹ LNW:

ජාතික ස්කොෂ් සූරි චනිත්මා සිනලි වසර ගණනක සිට මේ රටේ ජාතික ස්කොෂ් සූරිය වුව ද,ඇය ගැන රට වැඩිපුරම කතා බහ කරන්නට පටන් ගත්තේ ඇයගේ පාසල වන සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන් ඇයගේ දක්ෂතාවලට නිසි ගෞරවය නොලැබුණු අවස්ථාවේ දී ය.ජාතික වශයෙන් ද ජාත්‍යන්තර වශයෙන් ද දක්ෂතා දක්වා සිටින චනිත්මා ක්‍රීඩිකාවක සතු පෞරුෂය සහ ශක්‍යතාවයන් කවරේද යන්න පැහැදිළි කරමින් එම පාසල් වර්ණ වේදිකාවේ තමන්ට වූ අසාධාරණයට එරෙහිව හඬ නඟන්නට තරම් පෞරෂයෙන් පොහොසත් වූවාය.


අලුත් පරම්පරාවේ එඩිතරකමට ගරු කරන පුරවැසියන් ඇයට ගෞරව කරමින් කතා කළාය.එසේ නොවී තමන්ට ඉහළින් සිටින පිරිස් වෙත සිතූ පරිදි තමන්ව පෙළන්නට දී ඉවසා සිටීම යනු විනය බව සිතූ අය චනිත්මාට එරෙහි වූවාය.මේ වන විට ලොකු අර්බූද ගණනක වෙළෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයතා වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ නියෝජනය වන අධ්‍යාපන අමාත්‍යංශ පරිපාලනයනම් මේ වන විටත් තමන්ගේ සංස්කෘතියෙන් බැහැරව නැත.ඔවුහූ ජාතික වටිනාකමක් ඇති ක්‍රීඩිකාවට සාධාරණය කරනු වෙනුවට තමන්ගේ වරිගයට අයත් අධ්‍යාපන පරිපාලනවේදිනියක වන විදුහල්පතිනියගේ තිරණය කිළිටි බව වසන්නට සුදු පිරියම් කරමින් ඇත.
අඩුම තරමේ මින් ඉදරියට හෝ පාසල්වල වර්ණ ප්‍රදානෝත්සවයන්වලදී බොහෝ දුරට විදුහල්පතිවරු,ක්‍රීඩාභාර ආචාරවරු සැබෑ දක්ෂයන් නොසළකා හැර කටයුතු කිරීම වෙනුවෙන් ජාතික පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානය වෙනුවෙන් සළකා බලන ස්ථීර නිර්නායකයන් හඳුන්වා දීම සම්බන්ධයෙන් කළ යෝජනා ද සැළකිල්ලට ගෙන නැත.


“විදුහල්පතිලගෙ කැමත්ත අනුව එයාලට ඕනෑ කුදයක් ගහගන්න පුළුවන්.අපි ඒකට අකමැත්තක් නැහැ කියනාකාරයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ පුටු චනිත්මාගේ අසාධාරණය සම්බන්ධයෙන් නිද්‍රිශීලීව සිටිමින් ඒ ආකාරයේ විදුහල්පතිලාට දරුවන්ගේ දක්ෂතාවලට අසාධාරණයක් කිරිම සඳහා ලබා දෙන දිරිය,අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතුය කියන ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදක දේශපාලකයන්ටවත් නොපෙනීම චනිත්මාගේ අභාග්‍යයක් නොවේය.රටේ සමස්ත ක්‍රීඩා කරන පාසල් දරුවන්ගේ අභාග්‍යයක්ය.


අධ්‍යාපන අමාත්‍යංශයේ පරිපාලනය තමන්ගේ කුලකයට අයත් විදුහල්පතිණියගේ තීරණය ද,තවත් විදුහල්පතිවරුන්ට තමන්ගේ අභිමතය පරිදි හැසිරෙන්නට හැකි ඉඩ සුරක්ෂිත කරමින් ද වැඩ චනිත්මාගේ ප්‍රශ්නය නොසළකා කටයුතු කරන අතර යළිත් වරක් චනිත්මා ගැන මතකය අලුත් කළ සිඳුවීමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් හෝල් හී දී සිඳු විය.වසරේ ක්‍රීඩා විෂයට සම්බන්ධ විවිධ පැතිකඩ ඔස්සේ දැනුම විසිරුණු පුද්ගල කණ්ඩායමක් විසින් විනිශ්චය කරන ලද ඇගයීම් සම්මාන උළෙලකදී චනිත්මා සිනලි වසරේ කැපී පෙනෙන පාසල් ස්කොෂ් ක්‍රීඩක සම්මානයෙන් පිදුම් ලැබුවාය.ඒ 2024 වසරට අදාළවය.මේ සම්මානය එක් අතකින් ඇයව නොසළකා හරින ලද ඇයගේ පාසලට ඇය විසින් එක් කරන ලද කීර්තියකි.මේවායෙන් අදාළ පාසල්වල පරිපාලකයෝද යැපෙති.දිය වෘත්තිය දිවියට ආලෝකයක් එක් කර ගනිති.එහෙත් ඔව්හූ අඩුම තරමේ මාතෘ සහ පීතෘ හැඟුම්වත් නොපෙන්වා දක්ෂ දරුවන්ව තමන්ගේ අභිමතය පරිදි නොසළකා හරිති.


එවැනි පාසලකට සීමා වූ බොහෝ පාසල්වල ඇත්ත බවට පත් වි තිබෙන වැරදි සංස්කෘතියේ ගොදුරක් වූ චනිත්මා සිනලි,පුද්ගලයන් දස දෙනෙකුගෙන් යුත් විනිශ්චයකට අනුව සිල්කා සම්මානයෙන් පිඳුම් ලැබීම වැදගත්ය.එම දස දෙනා අතර තමන්ගේ දියණිය ද සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ,හිටපු අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂකව සිටි උපාලි අමරතුංගයන් ද සිටීම වඩාත් කැපී පෙනෙන්නේය.සාධාරණව හැකියාව දඩයම් කිරීමට එරෙහිව උඩු ගං බලා යා හැකි මිනිසුන් නැත්තේ නැත.එහෙත් එය පෙන්වන්නේ නැත.වඩාත්ම දරුණු විරුද්ධ නොවී වැරද්ද ඉවසන කාරණාවේය.අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිව යුතු අය අතරද වඩාත් දරුණු වූ වරද දරාගෙන නිහඬව සිටින අය ද සිටිය හැකිය.ඒ අයෙකුට හඩ අවදි කළ හැකිනම් බොහෝ චනිත්මලා බොහෝ දෙනෙකුට මාතෘ හෝ පීතෘ වගකීමේ ආදරය ලබා දිය හැකිය.