දිට්වා සුළි කුණුටුවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ පෙත්සම් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව ය.




