ජනපති ප්‍රධානත්වයෙන් හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද (27)…

රෂිකා හෙන්නායක පෙබරවාරි 27, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින, අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විදින ජනතාවට එම ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන පළමු ව්‍යාපෘතිය මඟින්, බලපත්‍ර මත ඉඩම් භුක්ති විඳි ජනතාවට එම ඉඩම්වල සම්පූර්ණ අයිතිය තහවුරු කෙරෙන සින්නක්කර ඔප්පු පිරිනැමීම සිදු වේ.

අනුරාධපුරයෙන් ඇරඹෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව එහි සඳහන් වේ. මීට අමතරව, ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සහ වන්දි ලබාදීම කඩිනම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් දී ඇත.

ආපදා කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.

මෙමඟින් සහන නොලැබුණු පුද්ගලයන්ගේ අභියාචනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පීඩිත ජනතාවට කඩිනම් සාධාරණය ඉටුකිරීමට රජය අපේක්ෂා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...