මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක් (Update)

0
7

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය වාතාවරණයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.

එම කලාපයේ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් අදාළ රටවල තානාපති කාර්යාලය හරහා ලබාදී ඇති අතර ඒ අනුව කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.

බහරේන්හි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටි නගරයකට ප්‍රහාරයක් එල්ල කෙරුණ ද ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර හදිසි අවශ්‍යතා ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාවට දැනුම්දීම සඳහා හදිසි දුරකතන අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පවසා ඇත.


UPDATE –

මැදපෙරදිග සිටින ඥාතීන් ගැන තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

එම දුරකතන අංක පහතින්,

WhatsApp/Imo +94 71 980 2822
Hot line 1989