ඇමරිකානු හා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරානයේ කාන්තා පාසලක දැරියන් 51 දෙනෙකු ජිවිතක්ෂයට

0
7

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයක් හේතුවෙන් ඉරානයේ දකුණු හෝර්මොස්ගන් පළාතේ මිනාබ් නගරයේ ෂජාරේ ටයෙබෙහ් කාන්තා පාසලේ අවුරුදු 7ත් 12ත් අතර දැරිවියන් 51 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 45 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉරානයේ තස්නිම් සහ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිවලට අනුව, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පාසලේ ශිෂ්‍යාවන් 170 ක් සිට ඇති අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ ටෙලිග්‍රෑම් ගිණුම් මගින් පළ කරන ලද දර්ශනවල, ප්‍රදේශයේ ජනතාව පාසලේ සුන්බුන් හාරමින් සිටිනු දක්නට ලැබේ.

ඉරානයට එල්ල වූ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ ශුද්ධ වූ කොම් නගරය, කරජ්, ඉස්ෆහාන් සහ කර්මන්ෂා ඇතුළු නගර ගණනාවක ප්‍රහාර වාර්තා වී ඇති අතර ඉරාන මාධ්‍ය තවමත් සමස්ත මරණ සංඛ්‍යාවක් ලබා දී නොමැත.

ඇමරිකා ඊශ්‍රායල් ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, බහරේන්, සිරියාව, ජෝර්දානය සහ ඉරාකය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයක ඇමරිකානු හමුදා කඳවුරු වලට ප්‍රහාර මාලාවක් දියත්කර තිබේ.