ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කුවේට්හි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සීරුවෙන්!

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ LNW :

කුවේට් රාජ්‍යයේ ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන ඇත.

මෙම සිදුවීම්වලින් කිසිදු ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බවත්, ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව තානාපති ලක්ෂිත රත්නායක මහතා නිරන්තර අවධානයෙන් පසුවන බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.

පවතින තත්ත්වය මත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව තානාපතිවරයා අවධාරණය කරයි.

අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය එරට ආරක්ෂක අංශ සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වමින් සිටින බව මෙහි සඳහන් වේ.