ජනපති අනුරගේ හුණ්ඩු උපමාව විපක්ෂයට නොතේරීම ගැන කණගාටුයි – ඇමති කෞෂල්‍යාගෙන් කරුණු පැහැදිලි කිරීමක්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයේදී “හුණ්ඩුවක්” යනුවෙන් පැවසුවේ පසුගිය පාලකයින් විසින් මෙය රටක් ලෙස පාලනය කර නොමැතිය යන කරුණ සම්බන්ධයෙන් බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.

“බොහෝදෙනාට රිදිලා තියෙනවා මේ හුණඩුව කිව්වාද කියලා ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී. මං හිතන්නෙ උපමාව තේරුම් ගන්න බැරිකම පිළිබඳ විපක්ෂයේ අයට කණගාටුව ප්‍රකාශ කරනවා. හුණ්ඩුවක් කිව්වෙ හුණ්ඩුවක් බවට පත්කරලා, මේක රටක් ලෙස පාලනය කරලා නැහැ, හුණ්ඩුවක් ලෙස තමයි අද අපිට රට බාරගන්න වෙලා තියෙන්නේ. නමුත් ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී පැහැදිලිවම කිව්වා හුණ්ඩුව රටක් කරන්න කොච්චර ප්‍රමාණයක් මහන්සි වෙලා තියෙනවාද කියලා. විශේෂයෙන් මේ තෙල් පිළිබඳ ප්‍රශ්නය ගත්තොත් සම්පූර්ණයෙන් රුපියල් බිලියන 47.6ක ලොකු ආයෝජනයක් කරලා තියෙනවා”

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...