Home විදෙස් බීරූට් අගනුවර හෝටලයකට ඊශ්‍රායල හමුදාවෙන් ගුවන් ප්‍රහාර මාලාවක්!

බීරූට් අගනුවර හෝටලයකට ඊශ්‍රායල හමුදාවෙන් ගුවන් ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක මාර්තු 04,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල හමුදා විසින් බීරූට් අගනුවර හෝටලයකට සහ ලෙබනනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයන් එල්ල කිරීමට පෙර කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් සිදු නොකළ බවත්, ඒ හේතුවෙන් සාමාන්‍ය වැසියන් රැසක් අවතැන් වී ඇති බවද වාර්තාවන්හි දැක්වේ.

හිස්බුල්ලා සංවිධානයේ මර්මස්ථාන ඉලක්ක කරන බව පවසමින් ඊශ්‍රායලය ලෙබනනයේ විවිධ නගර සඳහා වහාම ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇත.

මෙම තත්ත්වය හමුවේ මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ ඉරාන නියෝජිතයන් ඉලක්ක කිරීම යුධ අපරාධයක් විය හැකි බවයි.

දෙපාර්ශවය අතර පවතින මෙම ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකින් තොරව තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවද අවධාරණය කෙරේ.