අපි මේ යුද්ධයේ අතරමැදිකරුවෙකු හෝ ගොඳුරක් වියයුතු නැහැ – ඇමති නලින්ද

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අප වැනි රටක් මෙවැනි යුද්ධයක අතරමැදිකරුවෙකු හෝ ගොඳුරක් වියයුතු නොමැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මැදපෙරදිග කලාපය තුළ මතුව තිබෙන යුදමය වාතාවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කෙබඳුද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ,

“යුද්ධය කවදාවත් ලෝකයට ප්‍රගතියක් ගෙනත්දීලා නෑ. දේශපාලන ඕනෑ එපාකම් මැද්දේ වින්දිතයන් බවට පත් වුණේ සාමාන්‍ය ජනතාව. යුද්ධයක එක පැත්තක් ගන්න කවුරුත් උත්සහා කරන්නේ නෑ. එය බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ ස්ථාවරය තමන්ගේ ස්ථාවරයට සමපාත නොවෙන්න පුළුවන්. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. රටක් හැටියට අපි ඉන්නේ, ඒ කියන්නේ අපි වගේ රටක් මේ යුද්ධයේ අතරමැදිකරුවන් එහෙමත් නැතිනම් යුද්ධයේ ගොදුරු බවට පත් විය යුතු නෑ. ඒ නිසා මේ යුද ගැටුම් වළක්වා ගැනීම සඳහා අපේ පැත්තෙන් වචනයෙන්ද ක්‍රියාවෙන් ද කරන්න පුළුවන් හැමදේම කරමින් ඉන්නවා.” යනුවෙනි.

එමෙන්ම ඔහු පැවසුවේ රටක් ලෙස මැදිහත් වියහැකි ඕනෑම ආකාරයකට එනම් ඉල්ලීමක් හැටියට හෝ ඕනෑම දෙයක් හැටියට මැදිහත් වී මෙම යුදගැටුම් නැවැත්වීම සඳහා බලාපොරොත්තු වන බවයි.

“යුද්ධය නිසා ජීවිත අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් අපි කණගාටු වෙනවා. රාජ්‍ය නායකයින් රාජ්‍ය තාන්ත්‍රිකයින්, සාමාන්‍ය ජනතාව පාසල් දරු දැරියන් කුඩා දරුවන් කොයි පැත්තකින් හරි වින්දිතයින් බවට පත්වෙලා ඔවුන්ට ජීවිත නැති වෙලා තියෙනවා. ඒ හැමදේනාගැනම අපි කාණගාටුව ප්‍රකාශ කරනවා. අපේ ප්‍රාර්ථනය මේ යුද ගැටුම් ඉක්මණටම අවසන් වේවා කියලා. ගැටුම්වලට මැදිහත්වන සියලු පාර්ශවයන් සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලු විසඳාගනීවියැයි අපි විශ්වාස කරනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ වගේ යුද ගැටුම් නවත්වන්න පිහිටවපු ආයතන තියෙනවා. අපි ඒ ජාත්‍යන්තර ආයතනවල සාමාජිකයින්. ඒ ආයතවලටත් වගකීමක් තියෙනවා උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ යුද ගැටුම් නතරකරන ඒක. අලුත් තාක්ෂණය සහ මේ සියලු දේ එක්ක, එක භූගෝලිය සීමාවක විතරක් සීමාවෙන්නේ නෑ. ඒක කවදා කොතනකට වර්ධනය වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. රටක් විදියට අපිට මැදිහත් වියහැකි ඕනෑම ආකාරයකට ඉල්ලීමක් හැටියට ඕනෑම දෙයක් හැටියට මැදිහත් වෙලා මේ ගැටුම් නතර කරන්න අපි බලාපොරොත්තුව. ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අවධානමට ලක්වෙලා ඉන්නවා. ලෝකෙම ආර්ථිකය තර්ජනයකට ලක්වෙලා තියෙනවා. කවුරු මේක පටන් ගත්තත් මේක දැන් කොතරම් දුරකට වර්ධනය වෙලා තිබුනත් අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්මට අවසන් වේවි කියලා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...