රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ LNW :
ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පැවසු බව වාර්තා වේ.
“ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. ඒක නිහඬ මරණයක්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව,” ඔහු එහිදී පවසා ඇත.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කළේ නොමැති බව වාර්තා වේ.
ඒ අනුව, පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ඉන්දීය සාගරයේ යාත්‍රා කරමින් තිබූ ඉරාන යුද නෞකාවක් ඇමරිකානු සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමා ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන අතර, එහිදී පුද්ගලයින් 32 දෙදෙනෙකු බේරා ගැනීමට ඔවුන් සමත්ව තිබේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක, ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ මෙය ඉරාන තර්ජනවලට එරෙහිව ගත් ප්‍රබල හමුදා ක්‍රියාමාර්ගයක් බවයි.
මේ අතරතුර ඉරානය තුළ පිහිටි ආරක්ෂක මූලස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ද එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යය ඇතුළු අනෙකුත් රටවල් තම වැසියන් ඉවත් කර ගැනීමට සහ ආරක්ෂක පියවර ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම සිදුවීම් මාලාව මැදපෙරදිග කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්වයක් නිර්මාණය කර ඇත.
ඒ අනුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙවැනි ප්‍රහාරයකින් සතුරු නෞකාවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව මෙය බවත්, එය සබ්මැරීනයක් මඟින් සිදු කළ බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා තහවුරු කරයි. මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් අසූ දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දිවි ගලවාගත් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ගාල්ල රෝහලට ඇතුළත් කර ඇත. මැදපෙරදිගින් බැහැරව ඉරාන හමුදාවට එරෙහිව එල්ල වූ මෙම ප්‍රහාරය දෙරට අතර පවතින සන්නද්ධ ගැටුම් තවදුරටත් උග්‍ර වීමට හේතු වී තිබේ. අධි තාක්ෂණික අවිවලින් සමන්විතව තිබූ මෙම නෞකාව ගිල්වා දැමීම මෑත කාලීන නාවික යුද ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස සලකනු ලබයි.



