චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී!

කොළඹ LNW:14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද(05) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ පක්ෂ හා රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වුණා.

දින 08ක් පුරා චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ජනවාර්ගික හා ඒ ඒ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ 2700කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිනවා. එහිදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාව අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

2025 වසරේදී ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක සහ කාර්යයන් සාර්ථකව අවසන් වූ බව Li Qiang මහතා මෙම සැසියේදී පැවසුවා පසුගිය වසර මුළුල්ලෙහිම චීන ආර්ථිකය ස්ථාවර වර්ධනයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. එම වසරේ දළ දේශීය නිෂ්පාදිතය 5%කින් වර්ධනය වී ඇති අතර එහි සමස්ත වටිනාකම ද යුවාන් ට්‍රිලියන 140.19 දක්වා ළඟා වී ඇති බවයි අග්‍රාමත්‍යාවරයා එහිදී කියා සිටියේ.

15 වැනි පස් අවුරුදු සැලසුම් කෙටුම්පත මගින් ප්‍රධාන ඉලක්ක 20 ක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. 2026 වසරේ චීන ආර්ථික වර්ධන වේගය සියයට 4.5ත් 5ත් අතර මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5ක පමණ මට්ටමකට පාලනය කිරීම, පාරිභෝගික මිළ දර්ශකය සියයට 2ක පමණ මට්ටමක පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 700කට වැඩි ප්‍රමාණය මෙන්ම ජාත්‍යන්තර ආදායම් හා වියදම් මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම මෙම වසරේ චීනයේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ඉලක්ක ලී ච්‍යං අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වුණා.

එමෙන්ම එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු දරුවන් වෙනුවෙන් මස්ක්ගේ පොරොන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ධනය බෙදී යාම, අභ්‍යවකාශ...

දිට්වා ආපදාවෙන් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීදිට්වා...

සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර අභිමානයෙන් සමරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර...

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා...