ඉරානය ගැන ජනාධිපති ට්‍රම්ප්ගේ අලුත්ම තීරණය

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉරානයේ නව නායකයා පත් කරගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය මැදිහත්විය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ජනාධිපතිවරයා පවසන්නේ ඉරාකයේ පිහිටි ඉරාන කුර්දි හමුදා ඉරානයට ඇතුළු වී එහි ආරක්ෂක හමුදා වෙත ප්‍රහාර එල්ල කළහොත් එය “පුදුම සහගත” වනු ඇති බවයි.

යුද්ධය ආරම්භයේදී හමුදා ප්‍රහාරයකින් මියගිය සිය පියාගෙන් පසු ඉරානයේ ඊළඟ නායකයා වීමට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පුත්‍රයා වෙත ඉඩක් නොමැති බවද ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

“අපි ඉරානය සමඟ ඒ පුද්ගලයා තෝරා ගත යුතුයි. අපිට ඒ පුද්ගලයා තෝරා ගැනීමට සිදු වේවි,” යනුවෙන් ට්‍රම්ප් පැවසීය.

”ඉරානය අනාගතයට ගෙන යන පුද්ගලයා තෝරා ගැනීමේ ක්‍රියාවලියට අපට සම්බන්ධ වීමට අවශ්‍යයි. එබැවින් අපට සෑම වසර පහකට වරක් ආපසු ගොස් මෙය නැවත නැවතත් කිරීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ ජනතාවට ශ්‍රේෂ්ඨ, රටට ශ්‍රේෂ්ඨ කෙනෙකු” යැයි ට්‍රම්ප් තවදුරටත් සඳහන් කර ඇත.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පසුගිය සෙනසුරාදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් දින හයකට පසු මාධ්‍යයට කතා කරමින් ජාන්ධිපති ට්‍රම්ප් ඉරාන කුර්දි හමුදාවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට දිරිගැන්වීය. මෙම ගැටුමෙන් අවම වශයෙන් එක්සත් ජනපද සේවා සාමාජිකයින් හය දෙනෙකු ඇතුළුව 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර මැද පෙරදිග පුරා හානි හා අස්ථාවරත්වයක් ඇති කර තිබේ.

මේ අතර ඉරානය අසල ප්‍රධාන නැව් මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනු ඇති බවට තමන් ට්‍රම්ප් විශ්වාසය පළකරන බවද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ලෝකයේ බොරතෙල් සහ ද්‍රව ස්වාභාවික වායුවෙන් පහෙන් එකක් ගමන් කරන ඉරානය සහ ඕමානය අතර වූ මෙම සමුද්‍රීය මාර්ගය වසා දැමීම ඉරානයේ ප්‍රධාන අරමුණු වලින් එකක් වී තිබේ. ඉරාන යාත්‍රා හයකට පහර දීමෙන් පසු මෙම තීරණාත්මක සංධිස්ථානයට ඉරානය පැමිණියේය.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් දමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ එම මාර්ගයේ ගමන් ගන්නා නැව් වෙත ආරක්ෂාව සැපයීමට ඇමරිකාව කටයුතු අකරණ බවයි.

“ඔවුන්ට නාවික හමුදාවක් නැත, නාවික හමුදාව දැන් මුහුදු පතුලේ සිටින බව ඔබ දන්නවා”
“මම හෝමූස් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා.”
යනුවෙන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව තවදුරටත් රොයිටර් සමඟ පවසා ඇත.

මේ අතර ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා පවසා තිබුණේ අවි බිම තබා වහාම යටත්වන ලෙස ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට තමන් දැනුම් දෙන බවයි.

ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අඟවා තිබේ.