*
Friday, September 20, 2024
spot_img

Latest Posts

SPMC ලොක්කෝ ඇමතිත් අන්දවා එකම ඖෂධය දෙපාරක් වෙළඳපොලට හඳුන්වා දීලා !

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් යටතේ උත්සවාකාරයෙන් වෙළඳපොලට හඳුන්වා දුන් ඖෂධ කිහිපයක් සඳහා යළිත් වත්මන් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවති උත්වයකදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරන ඖෂධ කිහිපයක් වෙළඳපොලට නිකුත් කෙරිණි. තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin 50mcg, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole 20mg කරල් සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid 50mg යන ඖෂධ මෙසේ හඳුන්වා දෙනු ලැබීය.

මෙම නිෂ්පාදන 03 න් එක් නිෂ්පාදනයක් මීට පෙර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සමයේදී උත්සවාකාරයෙන් වෙළඳපොලට හඳුන්වා දී ඇති අතර තවත් ඖෂධයක් චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලයේදී වෙළඳපොලට හඳුන්වා දී තිබේ.

මේ පිළිබඳව කරුණු සඟවා යලිත් උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉහළ නිළධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය මත එම චෝදනා පිළිබඳව විමර්ශන සිදු කෙරනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan