22 ට එරෙහිව පාර්ශ්ව 09 ක් අධිකරණයට හමුවට

කෙටුම්පත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව පාර්ශ්ව 09 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙනවා. පසුගිය 10 වැනිදා මෙම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළේය.

වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේ ලේකම්, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව ඇතුළු පාර්ශ්ව 09 ක් මෙම පෙත්සම් ගොනුකර ඇත. පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර මන්ත්‍රී කණ්ඩායමකගේ අනුමැතියෙන් සම්මත කරගත යුතු බවටත්, එය ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවටත් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් සිය පෙත්සම් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...