ඊශ්‍රායල හමුදා සහ Hezbollah සංවිධානය අතර ලෙබනනයේ බෙකා නිම්නයේදී දරුණු ගොඩබිම් ගැටුම්!

රෂිකා හෙන්නායක මාර්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල හමුදා සහ Hezbollah සංවිධානය අතර ලෙබනනයේ බෙකා නිම්නයේදී දරුණු ගොඩබිම් ගැටුම් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

සිරියානු දේශසීමාව හරහා පැමිණි ඊශ්‍රායල භට පිරිස් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය මෑත කාලීනව සිදු වූ දරුණුතම ආක්‍රමණයක් ලෙස හඳුන්වා දී ඇත.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති අතර, ලෙබනන් වැසියන් දහස් ගණනකට තම නිවාස අතහැර පලා යාමට සිදුව තිබේ.

Hezbollah ක්‍රියාකාරකම් තහනම් කිරීමට ලෙබනන් රජය උත්සාහ කළද, යුද පිටියේදී එම සංවිධානය තවමත් ප්‍රබල බලවේගයක් ලෙස ක්‍රියා කරන බව සඳහන් වේ.

රට තුළ පවතින අස්ථාවරත්වය සහ මානුෂීය අර්බුදය පිළිබඳව ලෙබනන් අගමැතිවරයා මෙහිදී සිය දැඩි කනස්සල්ල පළ කරයි.