ඊශ්‍රායල හමුදා සහ Hezbollah සංවිධානය අතර ලෙබනනයේ බෙකා නිම්නයේදී දරුණු ගොඩබිම් ගැටුම්!

රෂිකා හෙන්නායක මාර්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල හමුදා සහ Hezbollah සංවිධානය අතර ලෙබනනයේ බෙකා නිම්නයේදී දරුණු ගොඩබිම් ගැටුම් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

සිරියානු දේශසීමාව හරහා පැමිණි ඊශ්‍රායල භට පිරිස් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය මෑත කාලීනව සිදු වූ දරුණුතම ආක්‍රමණයක් ලෙස හඳුන්වා දී ඇත.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති අතර, ලෙබනන් වැසියන් දහස් ගණනකට තම නිවාස අතහැර පලා යාමට සිදුව තිබේ.

Hezbollah ක්‍රියාකාරකම් තහනම් කිරීමට ලෙබනන් රජය උත්සාහ කළද, යුද පිටියේදී එම සංවිධානය තවමත් ප්‍රබල බලවේගයක් ලෙස ක්‍රියා කරන බව සඳහන් වේ.

රට තුළ පවතින අස්ථාවරත්වය සහ මානුෂීය අර්බුදය පිළිබඳව ලෙබනන් අගමැතිවරයා මෙහිදී සිය දැඩි කනස්සල්ල පළ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...