Home පුවත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වූ සජීව විජේවීර අභාවප්‍රාප්තවේ!

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වූ සජීව විජේවීර අභාවප්‍රාප්තවේ!

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ LNW :

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වූ සජීව විජේවීර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කාලයක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වැනි වියේ පසුවූ අතර, ඔහු ගාල්ල කරාපිටිය රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු තම වෘත්තීය ජීවිතය තුළ සිරස රූපවාහිනියේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙසත්, පසුව ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙසත් සුවිශේෂී සේවාවක් ඉටුකළ පුද්ගලයෙකි.

විශේෂයෙන්ම “පරිසරයට විනාඩියක්” වැනි වැඩසටහන් හරහා ඔහු මෙරට ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද(08) දින ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව තිබේ.