එක පතේ කෑවත් බොක්ක වෙනස් – කිම් ජොන්ග් උන් ගේ නැගණිය ගෙන් ද.කොරියාවට තගක්!

Date:

කට වහ ගනින්! කිම් ජොන්ග් උන් ගේ බලවත් නැගණිය දකුණු කොරියානු ජනපති ට කියයි..

උතුරු කොරියාවේ සිටින බලවත්ම කාන්තාවක් යැයි සැලකෙන එරට නායක කිම් ජොන්ග් උන් ගේ නැගණිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියානු ජනපතිවරයාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි දියත් කිරීම නවතා දමන්නේ නම් එරට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සැපයීමට දකුණු කොරියාව සූදානම් බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් සිදුකළ යෝජනාවකට ප්‍රතිචාර වශයෙනුයි ඈ මෙම වාග් ප්‍රහාරය දියත් කර තිබෙන්නේ.

ඒ අනුව, කිම් යෝ ජොන්ග් විසින් අද දින (19) දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යියෝල් ගේ යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ඔහුට පවසා තිබෙන්නේ කට වසා ගන්නා ලෙසයි!

මෙලෙස උතුරු කොරියානු ජ්‍යෙෂ්ට නිලධාරිනියක විසින් දකුණු කොරියානු ජනාධිපතිවරයාට සෘජුවම බැණ වැදීමක් සිදුකර තිබෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි සැලසුම් නතර කර දැමිය යුතු බවත්, එරට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට අසල්වැසි රාජ්‍යය වශයෙන් තමා සූදානම් බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකම පවසා ඇති අතර, ඔහු මෙය “නිර්භීත” සැලසුමක් බවට අවධාරණය කර තිබේ.

යූන් සුක් යියෝල් ජනාධිපතිවරයා විසින් පළමු වරට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඉකුත් මැයි මස වන අතර, සිය යෝජනාව යළි අවධාරණය කිරීමට ඔහු කටයුතු කර ඇත්තේ තමා ජනාධිපතිධුරය ලබා දින සියයක් පිරුණු පෙරේදා (17) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ය.

කෙසේවෙතත්, මීට දරුණු අන්දමින් ප්‍රතිචාර දැක්වූ කිම් ජොන්ග් උන් නැගණිය පවසා තිබෙන්නේ ඔහු කට වසා ගැනීම තුළින් ඊට වඩා සේවයක් සිදුවන බවත්, උතුරු කොරියාවේ “ගෞරවය සහ න්‍යෂ්ඨික අවි” සමඟ ආර්ථිකය හුවමාරු කිරීම යෝජිත යැයි සිතන ඔහු “ඉතා බොළඳ” බවත් ය.

කිසිවකුත් “ඉරිඟු කේක්” සඳහා තම දෛවය කේවල් නොකරන බව ද ඈ ප්‍රකාශ කළාය.

මේ අතර, දකුණු කොරියාවේ උතුරු කොරියානු සබඳතා හොබවන ඒකාබද්ධ අමාත්‍යවරයා පවසා තිබෙන්නේ කිම් යෝ ජොන්ග් ගේ අදහස් “අගෞරවනීය සහ අශෝභන” බවය.

ඡායාරූප: රොයිටර්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...