ගෙදර එන ගෝඨාභයට නඩු පෝලිමක් වැටෙන ලකුණු !

Date:

ලබන සතියේදී ආපසු මෙරටට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු ගණනාවක්ම පැවරීමට පාර්ශ්ව රැසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, පසුගිය ජුලි 09 වෙනිදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීම, රසායනික පොහොර තහනම් කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම, ජනාධිපතිවරයා වශයෙන් ඒ මහතා තමන් යටතේ තබාගෙන සිටි රාජ්‍ය ආයතන ගණනාවක සිදුවූ වංචා හා දූෂණ වැනි සිදුවීම් ගණනාවකට අදාළව ලබන සතියේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

නීතීඥවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එකතු වී සිටින අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් දඬුවමක් නැතත් දීර්ඝ කාලයක් පුරාවට දිනපතා පොලිසි සහ උසාවි ගාණේ උදේ සිට හැන්දෑ වනතුරු රස්තියාදු වීමට සිදුවීම නම් වැළැක්විය නොහැකි වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...