සමඟි ජන බලවේගයේ රජයක් කියන්නේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන රජයක් – සජිත් (VIDEO)

Date:

රටේ ඔන්ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව සඳහන් කළේ ඊයේ (07) වව්නියාව මරවන්කුලම් පාරතිසන් විද්‍යාලයට “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

විෂමතාවයෙන් තොරව දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම පාලකයින්ගේ වගකීමක් බවයි එහිදී ප්‍රේමදාස මහතා පැවසුවේ.

රටේ ජනතාව බෙදා වෙන්කොට බලය ලබාගන්නා කිසිවෙකුට පැවැත්මක් නැති බවත් හෙතෙම සඳහන් කරන ලදී.

සමඟි ජන බලවේග රජයක් තුළ මානව අයිතිවාසිකම්,සිවිල් අයිතිවාසිකම්,ආර්ථික,සමාජීය,සංස්කෘතික ආගමික අයිතිවාසිකම් මෙන්ම අධ්‍යාපන,සෞඛ්‍ය සහ අනෙකුත් සමාජ ආරක්ෂණ අයිතිවාසිකම් මානව හිමිකමක් බවට පත්කර ඒ සියල්ල සුරක්ෂා කිරීමට කටයුතු කරන බවද ප්‍රේමදාස මහතා වඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...