ඉරානයේ තෙල් ගබඩා සහ පිරිපහදු මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර!

රෂිකා හෙන්නායක මාර්තු 08,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ තෙල් ගබඩා සහ පිරිපහදු මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට පිහිටි ඉන්ධන පර්යන්ත පහකට එල්ල වූ මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නගරය පුරා දැඩි දුමාරයක් පැතිර ගොස් ඇත.

ඉරාන රජය පෙරළා දැමීමේ අරමුණින් සිදු කරන මෙම මෙහෙයුම් මගින් එරට හමුදා යටිතල පහසුකම් අඩපණ කිරීමට උත්සාහ කරන බව ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

දින නවයක් පුරා පැතිර ගිය මෙම දරුණු ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, මෙය යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකි.

පද්ධතිය අඩාල කිරීම සඳහා තවත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට බටහිර බලවතුන් මෙහිදී අනතුරු අඟවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමතිකමට වසර දෙකයි – සුගත් තිලකරත්නගෙන් අමුතු සටහනක් ?

සටහන - රුවන් නෙළුගොල්ල සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්යවරයා...

Wendy’s ශ්‍රී ලංකාවට එයි. පළමු අවන්හල One Galle Face හි විවෘත කෙරේ

ජෝන් කීල්ස් සමූහය (John Keells Group) ලෝක ප්‍රකට Wendy’s®...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...