රෂිකා හෙන්නායක මාර්තු 08,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
චීන විදේශ අමාත්‍ය Wang Yi විසින් ඉරානයේ පවතින ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කරමින්, මැදපෙරදිග කලාපයේ ස්වෛරීභාවයට ගරු කරන ලෙස ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බාහිර බලපෑම් මත සිදුකරන රාජ්‍ය පාලන වෙනස්කම්වලට එරෙහිව අනතුරු අඟවන චීනය, එවැනි උත්සාහයන් සඳහා මහජන සහායක් නොමැති බව අවධාරණය කරයි.
තවද, ඉරාන නායකයන් ඉවත් කිරීමේ ඇමරිකානු අරමුණ සාර්ථක වීමේ හැකියාව අවම බවට එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තාද කරුණු ඉදිරිපත් කර ඇත. වත්මන් ගැටුම් නතර කර වහාම සාකච්ඡා මාර්ගයට පිවිසෙන ලෙසත්, කලාපීය ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අයිතිය එම රටවලටම ලබා දිය යුතු බවත් බෙයිජිං පාලනය මෙහිදී පවසා සිටියි.



