ඉරානයේ ප්‍රහාරවලට එරෙහිව ප්‍රතිචාර දක්වන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොරොන්දු වේ

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඩ්‍රෝන යානා සහ මිසයිල යොදා ගනිමින් ඇමරිකානු හමුදාවන්ට සත්කාරකත්වය දරන ගල්ෆ් රටවලට පහර දීම ඉරානය විසින් දිගටම කරගෙන යන බැවින්, සිය රටට එරෙහිව සිදු කෙරෙන ප්‍රහාර වෙනුවෙන් පෙරලා ප්‍රතිචාර දක්වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ප්‍රකාශ කර තිබේ.

ඉරානයට එරෙහි ප්‍රධාන එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයකින් අවුලුවන ලද යුද්ධයේ දෙවන සතියට කලාපය අවතීර්ණ වීමත් සමඟ ෂෙයික් මොහොමඩ්ගේ අදහස් මෙලෙස ඉදිරිපත් වී තිබේ. ඊයේ(08)දිනයේදී මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඝන සමක් සහ කටුක මස් ඇති බවත්, පහසුවෙන් ගොදුරු කරගත නොහැකි බවත්ය.

එමිරාටි ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යට බැලස්ටික් මිසයිල 16 ක් සහ ඩ්‍රෝන යානා 120 කට වැඩි ප්‍රමාණයක් දියත්කර තිබු අතර පසුගියදා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, ඇමරිකානු හමුදා කඳවුරු පිහිටා ඇති අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අසල්වැසි ජාතීන්ගෙන් සමාව අයැද සිටි මුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ කලාපයේ සමහර රටවල් රහසිගතව සතුරාගේ අභිමතය පරිදි පවතින බැවින් ප්‍රහාර දිගටම පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...