ලංවිම අහෝසියි. අද සිට සමාගම් 06 බලාත්මක වෙයි!

කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වී තිබේ.

ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි විය.

විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයද පසුගියදා බලශක්ති අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබුණි.

ඒ අනුව විදුලිබල මණ්ඩලයට අදාළ සියලු මෙහෙයුම් කටයුතු මින් ඉදිරියට මෙම සමාගම් 6 වෙත පැවරෙනු ඇති.

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් පිහිටුවනු ලැබූ සමාගම් 6 වනුයේ විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම්ය.

මෙම සමාගම් 6 අතුරින් සමාගම් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ අනුව ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ පුද්ගලික සමාගම සහ විදුලි බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමටද කටයුතු කර තිබුණි.

ඒ අනුව පිළිවෙළින් ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ, ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර යන මහත්වරුන් එම ආයතන වෙත පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wendy’s ශ්‍රී ලංකාවට එයි. පළමු අවන්හල One Galle Face හි විවෘත කෙරේ

ජෝන් කීල්ස් සමූහය (John Keells Group) ලෝක ප්‍රකට Wendy’s®...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...