සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට එරෙහිව ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් බංග්ලාදේශය විසින් විශ්වවිද්‍යාල වසා දමා ඉන්ධන සලාකනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මිලියන 170 ක ජනතාවක් සිටින – ලෝකයේ අටවන විශාලතම ජනගහනය සහිත බංග්ලාදේශයේ විදුලිය සහ ඉන්ධන සංරක්ෂණය සඳහා හදිසි පියවරවල කොටසක් ලෙස ඊද් අල්-ෆිතර් නිවාඩු දිනයන් ඉදිරියට ගෙන එමින් බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අද(09) සිට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 95 ක් ආනයනය මත යැපෙන බංග්ලාදේශය රට පුරා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට කටයුතු කරණු ඇති අතර මෙම පියවර විදුලි පරිභෝජනය අඩු කිරීම පමණක් නොව, ඉන්ධන නාස්තියට හේතු වන රථවාහන තදබදය ද ලිහිල් කරනු ඇති බව විශ්වාස කෙරේ,



