තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණයට!

කොළඹ LNW:තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළීබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙම යෝජිත ව්‍යාපෘතිය කිරිම සඳහා වූ යෝජනාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ(09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ විධිවිධාන යටතේ ස්ථාපත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එකී කොමිෂන් සභාව වෙත පනතේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කරනු ලබන අභියාචනා විභාග කිරීම හා ඒ සම්බන්ධයෙන් තීරණයන්ට එළඹීම සිදු කරනු ලබයි.ඒ සඳහා දැනට කොමිෂන් සභාව සතුව පවතින තාක්ෂණික මෙවලම්වල සීමිත බව හේතුවෙන් අභියාචනා විභාග කිරීමේ ක්‍රියාවලිය ඇතුලු සමස්ත ක්‍රියාවලිය ලේඛනගතව සිදු කෙරෙමින් පවතී.

එබැවින් කොමිෂන් සභාවේ රාජකාරි කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීමේ අරමුණ සහිතව එහි මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ නිර්දේශ මත “විවෘත සමාජ පදනම“ ඇමරිකානු ඩොලර් 200,000 ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.ඩිජිටල්ක්රණය සඳහා අවශ්‍ය යන්ත්‍ර උපාංග මිලදී ගැනීම ,මෘදුකාංග සංවර්ධනය කිරීම , අත්‍යශ්‍ය මානව සම්පත් , විශේෂඥ දැනුම ලබා ගැනීම සහ වත්මන් කාර්යමණ්ඩල ධාරිතා සංවර්ධනය යන කාර්යයන් සඳහා එකී ප්‍රදානය යොදා ගැනීමට සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...