ලෝක සූරයා පරාජය කළ ලෝක සූරයාගේ පුතාට යුරෝපා රන් පදක්කම

Date:

යුරෝපා මලල ක්‍රීඩා සුරතාවලියේදී, පිරිමි කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වේදි ලෝක සූරතා තරගාවලියේ රන් පදක්කම දිනූ ස්ලොවේනියාවේ ක්‍රිස්ට්ජාන් චේ දෙවන තැනට පත් කරමින් රන් පදක්කම ගෙල ලා ගන්නට ලිතුවේනියාවේ මයිකොලස් ඇලෙක්නා සමත් වුණා.ඔහු ලෝක සූරතාවලියේදි ක්‍රිස්ට්ජාන්ට දෙවැනි වූ සහ ඉකුත් වසරේ අවුරුදු 20 න් පහළ ලෝක සූරතාවලියේදී සහ අවුරුදු 20 න් පහළ යුරෝපීය සූරතාවලියේදී රන් පදක්කම දිනූ තවමත් 19 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙක්.
ලෝක සූරතාවලියේදී ක්‍රිස්ට්ජාන් වීසි කර මීටර් 71.13 ක දුර මේ තරගයේදී මීටර් 68.28 ක දක්ෂථාවයක් දක්වා පහතට වැටුණත්,19 හැවිරිදි මයිකොලස් ලෝක සූරතාවලියේදි වාර්තා කළ මීටර් 69.27 ක දුර මෙම තරගාවලියේදී මීටර් 69.79 දක්වා ඉදිරියට ගෙන යන්නට සමත්වෙමින් නව ලිතුවේනියානු වාර්තාවක් සටහන් කරන්නට සමත් වුණා.
ලෝක සූරතාවලියේදී තෙවන තැනට පත් ලිතුවේනියාවේ ඇන්ඩ්‍රියස් ගුඩ්සියුස් යුරෝපා සූරතාවලියේදී හයවන තැන දක්වා පහතට වැටෙද්දී, ලෝක සූරතා තරගාවලියේ අවසාන තරගය සඳහාවත් සුදුසුකම් නොලද එංගලන්තයේ ලෝරන්ස් ඔකියෝ යුරෝපා සූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
තරගයේ රන් පදක්කම දිනූ 19 හැවිරිදි මයිකොලස් පරම්පරාගත කවපෙත්ත සූරයෙක්.ඒ ඔහුගේ පියා 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මෙන්ම 2004 ඇතැනස් ඔල්මිපික් උළෙලේදී ද එම ඉසව්වේ රන් පදක්කම ලිතුවේනියාවට දිනා දුන් වර්ජලිජුස් අලෙන්කා බැවින්.වර්ජලිජුස් ඇලෙන්කා 2008 බීජීං ඔලිම්පික් උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා මෙම ඡායාරූපයේ සිටින්නේ ජයග්‍රාහී පුතා සහ හිටපු ඔලිම්පික් සූර සහ ලෝක සූර පියා යි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...