ඇෆ්ගන් – ශ්‍රී ලංකා ගැටුම් මැද පෙරදිග ගැටුම් නිසා නැවතෙයි

නිශ්මං රණසිංහ ,මාර්තු 11, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මාර්තු 13, 15 සහ 17 යන දිනවල සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී විස්සයි20 ජාත්‍යන්තර තරග තුනක් පැවැත්වීමටත්, මාර්තු 20, 22 සහ 25 යන දිනවල ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී එක්දින ජාත්‍යන්තර තරග තුනක් පැවැත්වීමටත් සැලසුම් කර තිබුණත් මැද පෙරදිග කළාපයේ ඇති වී තිබෙන තත්තවය මත මෙම වසරේ අවසාන කාර්තුව දක්වා කල් දැමීමට තීරණය කර ඇත. පවතින කලාපීය තත්ත්වය හේතුවෙන් පැන නගින ගුවන් ගමන් සීමාවන් ඇතුළු සැපයුම් අභියෝග තරගාවලිය නවතා දැමීමට හේතු ලෙස දක්වා ඇත.

එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයෙන් (ECB) අවශ්‍ය අනුමැතිය ලැබීමෙන් පසු, සාජා සහ ඩුබායි හී දී තරග පැවත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. කෙසේ වෙතත්, මාර්තු මුලදී, අනපේක්ෂිත වර්ධනයන් හේතුවෙන් සංචාරක විධිවිධාන සහ තරඟාවලිය සඳහා මෙහෙයුම් සැලසුම්කරණයට බලපෑ සැපයුම් සීමාවන් ඇති වීම නිසා කල් දැමීමේ තිරණයට යාහට හැකි විය.

මෙම තත්වයට මුහුණ දීම සඳහා, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB), සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය (SCS) සහ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (DICS) ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ උපදේශන මාලාවක් පැවැත්වීය. මාර්තු 4 වන දින ACB විසින් කැඳවන ලද ඒකාබද්ධ රැස්වීමක ප්‍රතිඵලයක් ලෙස, තත්වයන් වැඩිදියුණු වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මාර්තු 6 වන දින වන විට තත්වය නිරීක්ෂණය කර නැවත තක්සේරු කිරීමට නිර්දේශයක් ලැබුණි. මාර්තු 7 වන දින පැවති පසු විපරම් රැස්වීමකදී, අවසාන තීරණයක් ගැනීමට මාර්තු 9 වන දින දක්වා රැඳී සිටීමට නිර්දේශ කරන ලදී.
ඒ අනුව සියල්ල සළකා බලා තරගය පැවත්වීමට සහ ඊට අවශ්‍යය තත්ත්වය පාලනය කිරීමට පියවර ගැනීමට නොහැකිය යන මතයේ පිහිටා තරගාවලිය කල් දැමීමේ තීරණයට එළැඹ ඇත.එම තීරණයට එළැඹීමේදී මෙම ක්‍රියාවලිය පුරාම, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය (SLC) සම්පූර්ණයෙන්ම දැනුවත් කරන ලද අතර, තරගාවලිය කල් දැමීමට තීරණය කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් සහ කැමැත්ත ඇතිව ය.

නැවත කාලසටහන්ගත කිරිමේදී ද තරගාවලිය සඳහා වඩාත් සුදුසු ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස සළකා ඇති අතර, අදාළ මණ්ඩල සහ පාර්ශවකරුවන් අතර අඛණ්ඩ සබඳතාවය පවත්වා ගැනීමේ සම්බන්ධීකරණයෙන් යුතුව නව දිනයන් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කෙරේ.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට පාළක මණ්ඩලය හැකි ඉක්මනින් තරගාවලිය ලබා දීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එහි ශක්තිමත් ක්‍රිකට් සම්බන්ධතාවය දිගටම කරගෙන යාමට කැපවී සිටින අතරේම මෙම කාරණය විසඳීමට සහ සම්බන්ධ වන සියලුම පාර්ශවයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය, සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිය අවංක කෘතඥතාව පළ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...