මහින්දානන්දගේ සහ නලින්ගේ අභියාචනා විභාගය අවසන්

දීර්ඝ සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද (11) අවසන් විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.

අද තුන්වන දිනටත් අභියාචනා විභාගය පැවති අතර, අභියාචකයින්ගේ හා අල්ලස් කොමිසමේ නීතිඥවරියගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරිණි.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම මෙම අභියාචනාවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන ලදී.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් කෝටි හයකට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබිණි.

එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත් ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම කළේය.

එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...