‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ LNW :

‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ඒ ලංකාවට පැමිණි අවස්ථාවේදී බව සඳහන් වේ.

වසර 16කට ආසන්න කාලයක් එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබා සිටි ඔහු මෙරටට පැමිණ ඇත්තේ දීර්ඝ විදේශගතවීමකින් පසුව බව තොරතුරු වාර්තා වේ.

ඔහුට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාමාර්ගයක සැකකරුවෙකු ලෙස නම් කර සිටීම මෙම අත්අඩංගුවට ගැනීමට මූලික හේතුව වී ඇති බව සඳහන් වේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමෙන් පසු රටින් බැහැරව සිටි ඔහු, සිය වෙබ් අඩවිය හරහා මෙරට දේශපාලන පෙරළියකට අවශ්‍ය සහයෝගය ලබා දී ඇති බවද වාර්තා වේ.

දැනට ඔහු පොලිස් භාරයේ පසුවන අතර, ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳ නිශ්චිත තොරතුරු බලධාරීන් තවමත් අනාවරණය කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...