*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

”මාදුටු විට ඔබ හඬනු ඇත”- යුරෝපයේ නියඟය සතවර්ෂ ගණනාවක් අතීතයට අපව ගෙන යමින් ඇත.

විද්‍යාඥයන් පවසන පරිදි වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුතම නියඟය මෙය වේ. ඒ බව සනාථ කරමින් මේ වන විට පවතින උෂ්ණාධික දේශගුණය හේතුවෙන් යුරෝපයේ ගංගා සිඳී යමින් පවතියි. මේත් සමඟ සතවර්ෂ ගණනාවකට පෙර මිහිදන් වූ නටඹුන් ලෝකය පුරා නැවත නැවත මතුවෙමින් තිබේ. මේවා ඓතිහාසික නියඟ කාලවලදී ඒවායේ මට්ටම් සලකුණු කිරීම සඳහා කැටයම් කර ඇති අතර සහ ඒවා දෘශ්‍යමාන වන සෑම අවස්ථාවකම එළඹෙන සාගතයන් සහ දුෂ්කරතා පිළිබඳ අනාගත පරම්පරාවන්ට අනතුරු අඟවයි.

ජර්මානු දේශසීමාවට ආසන්නව උතුරු චෙක් නගරයක් වන Děčín අසල එල්බේ ගඟේ පර්වතයක් මත ඇති ශිලා ලේඛණ මතුව ඇති අතර මේවා ”සාගිනි ගල්” වශයෙන් හැඳින්වේ. 2013 දී චෙක් පර්යේෂකයන් මෙම ගල විස්තර කළේ නියඟය හේතුවෙන් අඩු අස්වැන්නක්, ආහාර හිඟයක්, හා ඉහළ මිලක් සහ දුප්පත් මිනිසුන්ට කුසගින්නක් ගෙන ඒමක් වශයෙනි. මෙම ශිලාවෙහි කියවිය හැකි පැරණිම අක්ෂර 1616 අයත් වන අතර පෙර නියඟවලට අදාළ ශිලා ලේඛනවල සලකුණු කාලයත් සමඟ බොහෝ දුරට ඛාදනය වී ඇත. මේවා නියඟයේ දරුණු ප්‍රතිවිපාක පිළිබඳ දැඩි මතක් කරදීම්ය. ජර්මනියේ බ්ලෙකේඩේ අසල මෙවැනිම ගල් පර්වතයක් මතුව ඇති අතර එහි සඳහන් වන්නේ මෙය යටපත් වූ විට, ජීවිතය නැවතත් වර්ණවත් වනු ඇත යනුවෙනි.

පවතින නියඟය හේතුවෙන් ගංඟා ජලය සිඳී යාමත් සමඟ ජර්මනියේ වෝල්ඩෙක් අසල සම්පූර්ණ ජලයෙන් යට වූ ගම්මානයක් වන බෙරිච් හි නටබුන් 1913 සිට මීටර් 12 ක් ජලයෙන් යට වී ඇති අතර සාමාන්‍යයෙන් කිමිදුම්කරුවන් විසින් Edersee-Atlantis ලෙස හඳුන්වනු ලබන අතර, දැන් ඇවිද ගොස් එය නැරඹිය හැකිය. මීට අමතරව බැස යන ජලය සමඟ දෙවන ලෝක යුද්ධයේන් අනතුරුව දිගු කලක් සැගව සිටි රෝම කඳවුරුවල සිට අවතාර ගම්මාන සුන්බුන් වැනි කෞතුක වස්තු රැසක් නැවත නැවත ඉතිහාසය මතක් කර දෙමින් ඇත.

මේ වන විට ලොම්බාර්ඩි හි, ලෝකඩ යුගයට අයත් දැව ගොඩනැඟිලි අත්තිවාරම් ඔග්ලියෝ ගඟේ ඇඳෙන් මතු වී ඇති අතර, වසර 100,000 ක් පැරණි මුවෙකුගේ හිස් කබල සහ හයිනා, සිංහයන් සහ රයිනෝස් නටබුන් වියළී ගිය කොටස්වල දක්නට ලැබේ. සර්බියාවේ, ප්‍රබල ඩැනියුබ් නදිය ද මේ වන විට සියවසකට ආසන්න කාලයක් තුළ එහි පහළම මට්ටමට ඇද වැටී ඇති අතර, දෙවන ලෝක යුද්ධයේදී ප්‍රහෝවෝ අසල සුන්බුන් වූ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ජර්මානු යුද නැව් 20කට වැඩි ප්‍රමාණයක සුන්බුන් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan