Home විදෙස් යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.

ඉරානය ජනාධිපතිවරයා රුසියා හා පාකිස්තාන් නායකයින් සමඟ කරන ලද සාකච්ජා වලින් අනතුරුව කලාපයේ සාමය සඳහා මෙලෙස නව කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

1.ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව.

2.ඇමරිකා හා ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම.

3.අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර සහතිකයන් ලබාදීම.

ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.