යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.

ඉරානය ජනාධිපතිවරයා රුසියා හා පාකිස්තාන් නායකයින් සමඟ කරන ලද සාකච්ජා වලින් අනතුරුව කලාපයේ සාමය සඳහා මෙලෙස නව කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

1.ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව.

2.ඇමරිකා හා ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම.

3.අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර සහතිකයන් ලබාදීම.

ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...