දිලූෂා – සමාධි පන්දු යැවීමේ සුසංයෝගය රත්නපුරයට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ ,මාර්තු 14, කොළඹ LNW:

අන්තර් දිස්ත්‍රික් කණ්ඩායම පළාත් මට්ටමෙන් හමුවන දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම සහ මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවති තරගයේ දී මේ දක්වා දකින්නට ලැබුණු හොඳම පන්දු යැවීමේ සුසංයෝගය පෙන්නුම් කරමින් දිලූෂා දෙව්මිණි ලකුණු 19 ට කඩුලු 4 ක් සහ සමාධි නවෝද්‍යා ලකුණු 7 ට කඩුලු 3 ක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමට ලකුණු 59 ක ජයක ලබා දෙන්නට මූලික වුණා.


දකුණතින් මදවේග පන්දු යවන දිලූෂා මෙන්ම වමතින් මද වේග පන්දු යවන සමාධි ගේ ද පන්දු යැවීම අවධානය යොමු විය යුතු දස්කමක් වෙනවා. ඒ,දඟ පන්දු යැවීමේ දක්ෂයන් වැඩි පුර බිහිවන ක්‍රිකට් පරිසරයක ඔවුන් දෙදෙනා මෙසේ දස්කම් දැක්වීම නිසයි.


තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රත්නපුර කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායමේ නායිකාව මෙන්ම කඩුලු රකින්නිය ද වන හසිනි ඉන්ද්‍රජිත් දියත් කළ ලකුණු 60 ක විශිෂ්ඨ ඉණිම නිසා පන්දු ඕවර් 20 නිමාවේ රත්නපුර කණ්ඩායමේ ලකුණු පූවරුව කඩුලු 8 ක් දැවි ලකුණු 115 ක් බවට පත්ව තිබුණා.සාමාන්‍යෙයන් එක් කළාපයකට වැටෙන රත්නපුර මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික් හා සසඳද්දී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් රත්නපුර පසුපසින් සිටින බවට ඇති මතය මේ තරගයේදී දිලූෂා,සමාධි මෙන්ම හිසිනි ද මුල් වී කණපිට පෙරළිමට සමත් වුණා.


නිමාව දුට වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික් අතර පැවති තරගයෙන් මන්නාරම කණ්ඩායම කඩුලු 7 ක ජයක් ලබා ගන්නට සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් වවුනියා කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේ රැස් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 82 ක් පමණයි.පිළිතුරු ඉීනමේ දී මන්නාරම කණ්ඩායම අටවන ඕවරයේ පස්වන පන්දුවේදි කඩුලු 3 ට ලකුණු 83 ක් රැස් කරන්නට සමත් වුණා..රගයේ ඉහළම දස්කම පෙන් වූ සතිස්කුමාර් සජින්තනී පන්දු ඕවර් 4 තුළ ලකුණු 3 ක් පමණක් ලබා දෙමින් මන්නාරම කණ්ඩායම වෙනුවෙන් කළ විශිෂ්ඨ පන්දු යැවීම නිසා වවුනියාවට ලකුණු 82 ඉක්මවා යන්නට නොහැකි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...